Tuesday, November 1, 2011

ප්‍රීතිමත් විලෝ පෙළ
විශාල රටා වලින් පොලව සරසන වෙලාවෙ
කොබෝනීල බන්කුවකට
පාලුව නැති උනා
ඒතැනින් පියාබපු නීල කොබෙයියෙක්
නිහඩ බවට රුකුල් දුන්නා

 දැස මානයේ නොඋනත්
නිරන්තර නෙතුමානයේ මැව්නා
නිරන්තර සිත් හි ‍රැව් පිලි‍රැව් දුන්නා
යන එන හැම තැනදි
සුන්දර මතකයන් ‍රැදුනා..

මගේ ජීවිතයට හැරවුම් ලක්ෂයක්

ඒ තරම් ඉක්මනින් ඒවි කියල
කිසිම මොහොතක
හිතුවෙ නෑ මම.



ඇත්තමයි,


 ආදරය අහම්බයක්


                   හැබැයි,

                           ඒ අහම්බය

               කවදා හරි මටත් උදා වේවි කියල
                    හිතුන වෙලාවල් තිබුනා..



නිල් අහසෙ සරන පුන්චි කිරිල්ලියක් වගේ
ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන්  ගලාගෙන ගියා..



සියුම් පිහා‍ටුවක් වගේ හෙමිහිට
                                        හෙමිහිට
මගෙ හිතත් කොහේදෝ තැනකට
                                     ස්ථානගත වෙමින්

එක තීරණාත්මක ම0සන්ධියකට  එලබිලා තිබුණා





සෙමින්

      සෙමින්

        දෑස්   එ කි නෙ ක   යා   උ නා..

        දෑත්   එ කි නෙ ක    පැ ට ලු නා..




එකිනෙක   යා  උන දෙනෙතින්


එකිනෙක  පැටලුන  දෑතින්



මතකයි
එක හුස්මක් ගත්තා අපි




මුලු ජීවිතයටම ජීවය දෙන්න


එදා සිහින පොදි බැන්දා..