ප්‍රීතිමත් විලෝ පෙළ
විශාල රටා වලින් පොලව සරසන වෙලාවෙ
කොබෝනීල බන්කුවකට
පාලුව නැති උනා
ඒතැනින් පියාබපු නීල කොබෙයියෙක්
නිහඩ බවට රුකුල් දුන්නා
දැස මානයේ නොඋනත්
නිරන්තර නෙතුමානයේ මැව්නා
නිරන්තර සිත් හි රැව් පිලිරැව් දුන්නා
යන එන හැම තැනදි
සුන්දර මතකයන් රැදුනා..
Tuesday, November 1, 2011
මගේ ජීවිතයට හැරවුම් ලක්ෂයක්
ඒ තරම් ඉක්මනින් ඒවි කියල
කිසිම මොහොතක
හිතුවෙ නෑ මම.
ඇත්තමයි,
ආදරය අහම්බයක්
හැබැයි,
ඒ අහම්බය
කවදා හරි මටත් උදා වේවි කියල
හිතුන වෙලාවල් තිබුනා..
නිල් අහසෙ සරන පුන්චි කිරිල්ලියක් වගේ
ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගලාගෙන ගියා..
සියුම් පිහාටුවක් වගේ හෙමිහිට
හෙමිහිට
මගෙ හිතත් කොහේදෝ තැනකට
ස්ථානගත වෙමින්
එක තීරණාත්මක ම0සන්ධියකට එලබිලා තිබුණා
සෙමින්
සෙමින්
දෑස් එ කි නෙ ක යා උ නා..
දෑත් එ කි නෙ ක පැ ට ලු නා..
එකිනෙක යා උන දෙනෙතින්
එකිනෙක පැටලුන දෑතින්
මතකයි
එක හුස්මක් ගත්තා අපි
මුලු ජීවිතයටම ජීවය දෙන්න
ඒ තරම් ඉක්මනින් ඒවි කියල
කිසිම මොහොතක
හිතුවෙ නෑ මම.
ඇත්තමයි,
ආදරය අහම්බයක්
හැබැයි,
ඒ අහම්බය
කවදා හරි මටත් උදා වේවි කියල
හිතුන වෙලාවල් තිබුනා..
නිල් අහසෙ සරන පුන්චි කිරිල්ලියක් වගේ
ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගලාගෙන ගියා..
සියුම් පිහාටුවක් වගේ හෙමිහිට
හෙමිහිට
මගෙ හිතත් කොහේදෝ තැනකට
ස්ථානගත වෙමින්
එක තීරණාත්මක ම0සන්ධියකට එලබිලා තිබුණා
සෙමින්
සෙමින්
දෑස් එ කි නෙ ක යා උ නා..
දෑත් එ කි නෙ ක පැ ට ලු නා..
එකිනෙක යා උන දෙනෙතින්
එකිනෙක පැටලුන දෑතින්
මතකයි
එක හුස්මක් ගත්තා අපි
මුලු ජීවිතයටම ජීවය දෙන්න
Monday, October 31, 2011
උදා වු වසන්තය ..
වෙන කිසිම දවසකටත් වඩා
ලස්සනට
කුරුලු පැටවු රන්චුපිටින් ගීත ගැයුවා
හෙන්දිරික්ක පදුර හිනැහුනා
රත්තරන් පාට සිහින් හිරු රැස්
පොළොවට හෙමීට ල0 උනා
ඒ හිරු රැස් පොලොව වැලදගත්තෙ
බොහොම ආදරෙන්..
Sunday, October 30, 2011
හුස්ම ..
කාටවත්ම කියාගන්න බැරුව හිතේ හිරවුන සිතිවිලි ගොන්නක් කියාගන්න සයිබර් අවකාසෙ පුන්චිම පුන්චි බිම් කඩක් හරි තියන එකත් හිතට ලොකූ අස්වැසිල්ලක්.
බ්ලොග් අවකාසෙ මගෙ සිතුවිලි රෝපනය කරන්න තරම් පලපුරුදු කාරියක් නම් නෙවෙයි මම.
ඒත්,
මට හිතෙන දේ
මට දැනුන දේ
මට තේරෙන විදියට
සටහන් කරන්නයි
මේ
හුස්ම ..
බ්ලොග් අවකාසෙ මගෙ සිතුවිලි රෝපනය කරන්න තරම් පලපුරුදු කාරියක් නම් නෙවෙයි මම.
ඒත්,
මට හිතෙන දේ
මට දැනුන දේ
මට තේරෙන විදියට
සටහන් කරන්නයි
මේ
හුස්ම ..
Subscribe to:
Posts (Atom)