Sunday, April 8, 2012

ffojh 



නුඹව වෙනස් කල නුඹේ
ffojh


වෙනස්කම් දරා ගන්නට
මට  ඉඩ නුදුන් මගේ
ffojh


අපව මුන ගැස්වූ අපේ
ffojh
අපව වෙන් කලා


නමුත් සිතක ඇතිකල සෙනෙහස
කිසිලෙසක මකා දමන්නට
ඒ ffojhට බැරිඋනා...






Saturday, April 7, 2012

වරද කරුවෙක් නොමැති පැමිණිල්ල

වරද කරුවෙක් නොමැති පැමිණිල්ල


ffojh

අප මුණගැස්වු
නුඹටමයි



ඇයි මෙහෙම කලේ නුඹ අපට ?

කිසිවෙකුට වරදක් නැති අපගේ
ආත්මගත පවක්වත්
නුඹ ගෙවා අවසන් කලාවත්ද?

පෙම්වත් සිත


             ලොව වැඩියෙන්ම
                 දුක් උහුලන
                       අම්මා සහ මහපොලොවට
                       එක් කල යුතු තවත් දෙයකි
                               පෙම්වත් සිත


                  අම්මා තරමටම
               මහපොලව පමණටම
                             එය කොයි තරම්
                             දුක් පීඩා උසුලයිද?
                             කොයිතරම්
                             නින්දා අපහාස ලබයිද?

01/04/2012

අවසන් දින අවසන් හෝරාව

ගෙවීයන්නේ මාසයේ අවසන් දින අවසන් හෝරාවයි
ගෙවෙන මාසයකත් එලබෙන නැවුම් මාසයකත්
වෙනසක් නොමැත දැන්
සියලු දෙය කෙරෙහි කලකිරුණ සිත
ඉදිරිය පුරාවට මෙහෙයවෙනු ඇත...



31/03/2012

පිවිතුරු ආදරයේ වන්දිය මුවට සිනහව සිතට කදුලද?

             
                ලෝකයා වෙත සිනහව පාමින්
                සිතින් හඬා වැටෙන්නට තරම්
                  අවාසනාවන්තියකි මම අද...
    මේ පිවිතුරු ආදරයේ මහා පාපයයි
    කිසි විටෙක සැනසුමක් ලද නොහැකි පාපයයි....


                                පුලුන් පොදක් වන් මා ජීවිතය
                                දරන්න බැරි තරම් සුවිසල්
                  බලාපොරොත්තු, විශ්වාසය නම් ඊයම් බරුවල
                                   බැඳගත්තෙ මමමයි


                ඉතින් මගේ වරදට
                           අද
               වන්දි ගෙවනවා මo
                           ඔව්
        හැමදාමත් හැම මොහොතෙදිමත්
               ව න් දි  ගෙ ව න වා  ම o


28/03/2012

Friday, April 6, 2012

නොහැකිය පව්කාරියක් වන්නට ...

ඔබට පමණක්ම හිමි වූ
මා සුරත
වෙනකෙකුට
අත්පත් වුවොත්
ඔබට දැනෙන වේදනාව
මම දන්නවා..


ඔබේ කුමරිය
වෙනකෙකු
කැන්දගෙන යන දිනය
එළබෙන විට
ඔබේ හද හඩන රාවය
දෝන්කාර දේවි
මගෙ ජීවිතය පුරාවට..


26/03/2012

අපහැදිලි උනත් ඒ දසුන හරිම අපූරුයි...

මගේම දහදිය මහන්සියෙන්
ඉපයූ දෙයින්
මුල්ම කොටස වෙන් උනේ
මගේම කියල හිතාගත්තු කෙනෙක්ට


කිසි දවසක දෙන්නට නොහැකි වූ
කිසි දවසක දෙන්නට නොහැකි වන
ඒ තෑගි බෝග දිහේ බලාන
කදුලු අතරින් මම හිනාවෙන්නෙ
මගේ හිතේ රැදුන දසුන
අපහැදිලිව හරි මට මැවෙන නිසයි..




25/03/2012