Friday, April 6, 2012

නොහැකිය පව්කාරියක් වන්නට ...

ඔබට පමණක්ම හිමි වූ
මා සුරත
වෙනකෙකුට
අත්පත් වුවොත්
ඔබට දැනෙන වේදනාව
මම දන්නවා..


ඔබේ කුමරිය
වෙනකෙකු
කැන්දගෙන යන දිනය
එළබෙන විට
ඔබේ හද හඩන රාවය
දෝන්කාර දේවි
මගෙ ජීවිතය පුරාවට..


26/03/2012

No comments:

Post a Comment