තබන තබන පියවර ඉදිරියටම වේවා
යන්න තිබෙන මග මුදු මල් ඇතිරේවා
සිතන පතන ජය ඉහලින් ඉටුවේවා
මා පැතුමෙන් ඔබේ දිවිය හැඩ වේවා..!
නැගෙන ඉකිබිදුම් මට පමණක් වේවා
සිහිනෙන් පවා මට නුබෙ රුව පෙනේවා
නුබේ සිනා හඩ රැව් පිලි රැව් දේවා
තෙත් වූ මා දෙනෙත් වියැලෙනු දැනේවා..!
23/03/2012
No comments:
Post a Comment