Sunday, April 8, 2012

ffojh 



නුඹව වෙනස් කල නුඹේ
ffojh


වෙනස්කම් දරා ගන්නට
මට  ඉඩ නුදුන් මගේ
ffojh


අපව මුන ගැස්වූ අපේ
ffojh
අපව වෙන් කලා


නමුත් සිතක ඇතිකල සෙනෙහස
කිසිලෙසක මකා දමන්නට
ඒ ffojhට බැරිඋනා...






Saturday, April 7, 2012

වරද කරුවෙක් නොමැති පැමිණිල්ල

වරද කරුවෙක් නොමැති පැමිණිල්ල


ffojh

අප මුණගැස්වු
නුඹටමයි



ඇයි මෙහෙම කලේ නුඹ අපට ?

කිසිවෙකුට වරදක් නැති අපගේ
ආත්මගත පවක්වත්
නුඹ ගෙවා අවසන් කලාවත්ද?

පෙම්වත් සිත


             ලොව වැඩියෙන්ම
                 දුක් උහුලන
                       අම්මා සහ මහපොලොවට
                       එක් කල යුතු තවත් දෙයකි
                               පෙම්වත් සිත


                  අම්මා තරමටම
               මහපොලව පමණටම
                             එය කොයි තරම්
                             දුක් පීඩා උසුලයිද?
                             කොයිතරම්
                             නින්දා අපහාස ලබයිද?

01/04/2012

අවසන් දින අවසන් හෝරාව

ගෙවීයන්නේ මාසයේ අවසන් දින අවසන් හෝරාවයි
ගෙවෙන මාසයකත් එලබෙන නැවුම් මාසයකත්
වෙනසක් නොමැත දැන්
සියලු දෙය කෙරෙහි කලකිරුණ සිත
ඉදිරිය පුරාවට මෙහෙයවෙනු ඇත...



31/03/2012

පිවිතුරු ආදරයේ වන්දිය මුවට සිනහව සිතට කදුලද?

             
                ලෝකයා වෙත සිනහව පාමින්
                සිතින් හඬා වැටෙන්නට තරම්
                  අවාසනාවන්තියකි මම අද...
    මේ පිවිතුරු ආදරයේ මහා පාපයයි
    කිසි විටෙක සැනසුමක් ලද නොහැකි පාපයයි....


                                පුලුන් පොදක් වන් මා ජීවිතය
                                දරන්න බැරි තරම් සුවිසල්
                  බලාපොරොත්තු, විශ්වාසය නම් ඊයම් බරුවල
                                   බැඳගත්තෙ මමමයි


                ඉතින් මගේ වරදට
                           අද
               වන්දි ගෙවනවා මo
                           ඔව්
        හැමදාමත් හැම මොහොතෙදිමත්
               ව න් දි  ගෙ ව න වා  ම o


28/03/2012

Friday, April 6, 2012

නොහැකිය පව්කාරියක් වන්නට ...

ඔබට පමණක්ම හිමි වූ
මා සුරත
වෙනකෙකුට
අත්පත් වුවොත්
ඔබට දැනෙන වේදනාව
මම දන්නවා..


ඔබේ කුමරිය
වෙනකෙකු
කැන්දගෙන යන දිනය
එළබෙන විට
ඔබේ හද හඩන රාවය
දෝන්කාර දේවි
මගෙ ජීවිතය පුරාවට..


26/03/2012

අපහැදිලි උනත් ඒ දසුන හරිම අපූරුයි...

මගේම දහදිය මහන්සියෙන්
ඉපයූ දෙයින්
මුල්ම කොටස වෙන් උනේ
මගේම කියල හිතාගත්තු කෙනෙක්ට


කිසි දවසක දෙන්නට නොහැකි වූ
කිසි දවසක දෙන්නට නොහැකි වන
ඒ තෑගි බෝග දිහේ බලාන
කදුලු අතරින් මම හිනාවෙන්නෙ
මගේ හිතේ රැදුන දසුන
අපහැදිලිව හරි මට මැවෙන නිසයි..




25/03/2012
                                     

                                               තබන තබන පියවර ඉදිරියටම                    වේවා


                                               යන්න තිබෙන මග මුදු මල්                    ඇතිරේවා


                                               සිතන පතන ජය ඉහලින්                       ඉටුවේවා


                                               මා පැතුමෙන් ඔබේ දිවිය හැඩ                වේවා..!









                                               නැගෙන ඉකිබිදුම් මට පමණක්                වේවා


                                               සිහිනෙන් පවා මට නුබෙ රුව             පෙනේවා


                                               නුබේ සිනා හඩ රැව් පිලි රැව්                     දේවා


                                               තෙත් වූ මා දෙනෙත් වියැලෙනු         දැනේවා..!





23/03/2012

අද සිටින නුබ නොව සිත්තම්ව ඇත්තේ ම හද එදා දුටු නුබ එසේමය ....

               
                   සිටියත් නුබ මගේ හැම හුස්ම පොදකම

                   නුබේ එකම එක හුස්ම පොදකවත්

                   මා නොසිටි  ය ථා ර් ථ ය


                   නොදැනුණේ ඇයි කිසිවිටෙක මට 




                                             

                                                              දිවි හිමියෙන්ම පැතුව නුබ

                                                              මට   අත    වනා   යන   ග  ම  න  ක

                                                              පෙර නිමිති
                                                              නුදුටුවේ ඇයි කිසි විටෙක මම





                                          හද මඩල ගිනි තබා

                                   තුන් තිස් පැයක් නිදි වැරුවද

                 වයිරයක් ක්‍රෝධයක් නෑ තුන් හිතක මා 

                        ලෝකයක් දෙස් දෙවොල් දෙද්දී
                                  
              කිසිවිටෙක නැත මා සැලෙන්නේ


22/03/2012

Thursday, April 5, 2012

මගේ ලොව නුබ

නුබ නුබේ ලොව තනිව
මම මගෙ ලොව අතරමන්ව
හිදින්නේ
ඔබ මගේ ලොව වූ නිසා

විදින ලද සෝතැවුල්
මට මගේ ලොව දැක්වුවා
සිටිය හැක මට තනිව
කිසිදු සරණක් එපා





                                                                                නුබට සුවසේ නින්ද යනු       ඇති
                                                                                රාත්‍රිය මට බොහෝ දිගු         ඇති
                                                                                නුබ තුටින් නිති අවදි වනු      ඇති
                                                                                මගෙ පැතුමන් සපල වෙනු    ඇති


අතීත සිහින වල පැටලුණ පුoචි තාරකාව

අරුණලු නැගෙයි රන් පාටින්            හිමිදිරියේ

බටිති මලිති කොව්ලන් නද දෙයි         පෙරසේ

සියපත් පිපී ලැජ්ජාවෙන්                සිනාසුනේ

හිරිමල් හිතක කුලුදුල් හැගුමන්            පිබිදේ

Monday, February 27, 2012

බ ලා පො රො ත් තු වෙ          දෑස් රිදෙනවා ..

 තවත් බැහැ නිදි වරන්නට නම්.

                                 නුබට   සුභ රාත්‍රියක්...!

Thursday, February 23, 2012

                 

                     ක දු ලු   අ ත රි න්   සි නා සෙ න් නෙ මි


                    වි  ද ව මි න්    ජි වි ත     වි  දි  න්  නෙ  මි

Sunday, February 12, 2012

වි භා ග ය ...


ස්මරණය වන අතීතය

යටපත් කිරීමට දරන උඩු සිතෙහි

ප්‍රයත්නය

නිශ්පල වන


සෑම මොහොතකම

නෙතු මානයේ වන

පත පොතෙහි ඇත්තේ

බොද වූ අකුරු වල හැඩ පමණි.






එලබෙන තුන් පැයක මා කුමක් ලියම්ද?
.
.
.
ප්‍රීතිමත් විලෝ පෙළ

  මන්ද මේ වැළපෙන සෙයක්


ලපත් දග කළ තුරු වදුල යට

  සිහිල් සෙවනැලි වියැකිලා


සිහින් සියුමැලි කොබෝනීල පෙති

  විසුල තණ බිම වියැලිලා...


ගල් මුල් ක‍ටු පදුරු දොළ හැඩ කරන  මෙන් බාධක ගැටලු මා ජීවිතයත් හැඩ කරයි නම්,
 අනේ මා කොයිතරම් වාසනාවන්තයිද...