Saturday, April 7, 2012

පිවිතුරු ආදරයේ වන්දිය මුවට සිනහව සිතට කදුලද?

             
                ලෝකයා වෙත සිනහව පාමින්
                සිතින් හඬා වැටෙන්නට තරම්
                  අවාසනාවන්තියකි මම අද...
    මේ පිවිතුරු ආදරයේ මහා පාපයයි
    කිසි විටෙක සැනසුමක් ලද නොහැකි පාපයයි....


                                පුලුන් පොදක් වන් මා ජීවිතය
                                දරන්න බැරි තරම් සුවිසල්
                  බලාපොරොත්තු, විශ්වාසය නම් ඊයම් බරුවල
                                   බැඳගත්තෙ මමමයි


                ඉතින් මගේ වරදට
                           අද
               වන්දි ගෙවනවා මo
                           ඔව්
        හැමදාමත් හැම මොහොතෙදිමත්
               ව න් දි  ගෙ ව න වා  ම o


28/03/2012

No comments:

Post a Comment