ප්‍රීතිමත් විලෝ පෙළ
විශාල රටා වලින් පොලව සරසන වෙලාවෙ
කොබෝනීල බන්කුවකට
පාලුව නැති උනා
ඒතැනින් පියාබපු නීල කොබෙයියෙක්
නිහඩ බවට රුකුල් දුන්නා
දැස මානයේ නොඋනත්
නිරන්තර නෙතුමානයේ මැව්නා
නිරන්තර සිත් හි රැව් පිලිරැව් දුන්නා
යන එන හැම තැනදි
සුන්දර මතකයන් රැදුනා..

No comments:
Post a Comment