ඒ තරම් ඉක්මනින් ඒවි කියල
කිසිම මොහොතක
හිතුවෙ නෑ මම.
ඇත්තමයි,
ආදරය අහම්බයක්
හැබැයි,
ඒ අහම්බය
කවදා හරි මටත් උදා වේවි කියල
හිතුන වෙලාවල් තිබුනා..
නිල් අහසෙ සරන පුන්චි කිරිල්ලියක් වගේ
ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගලාගෙන ගියා..
සියුම් පිහාටුවක් වගේ හෙමිහිට
හෙමිහිට
මගෙ හිතත් කොහේදෝ තැනකට
ස්ථානගත වෙමින්
එක තීරණාත්මක ම0සන්ධියකට එලබිලා තිබුණා
සෙමින්
සෙමින්
දෑස් එ කි නෙ ක යා උ නා..
දෑත් එ කි නෙ ක පැ ට ලු නා..
එකිනෙක යා උන දෙනෙතින්
එකිනෙක පැටලුන දෑතින්
මතකයි
එක හුස්මක් ගත්තා අපි
මුලු ජීවිතයටම ජීවය දෙන්න

No comments:
Post a Comment