Thursday, April 5, 2012

මගේ ලොව නුබ

නුබ නුබේ ලොව තනිව
මම මගෙ ලොව අතරමන්ව
හිදින්නේ
ඔබ මගේ ලොව වූ නිසා

විදින ලද සෝතැවුල්
මට මගේ ලොව දැක්වුවා
සිටිය හැක මට තනිව
කිසිදු සරණක් එපා





                                                                                නුබට සුවසේ නින්ද යනු       ඇති
                                                                                රාත්‍රිය මට බොහෝ දිගු         ඇති
                                                                                නුබ තුටින් නිති අවදි වනු      ඇති
                                                                                මගෙ පැතුමන් සපල වෙනු    ඇති


අතීත සිහින වල පැටලුණ පුoචි තාරකාව

අරුණලු නැගෙයි රන් පාටින්            හිමිදිරියේ

බටිති මලිති කොව්ලන් නද දෙයි         පෙරසේ

සියපත් පිපී ලැජ්ජාවෙන්                සිනාසුනේ

හිරිමල් හිතක කුලුදුල් හැගුමන්            පිබිදේ

Monday, February 27, 2012

බ ලා පො රො ත් තු වෙ          දෑස් රිදෙනවා ..

 තවත් බැහැ නිදි වරන්නට නම්.

                                 නුබට   සුභ රාත්‍රියක්...!

Thursday, February 23, 2012

                 

                     ක දු ලු   අ ත රි න්   සි නා සෙ න් නෙ මි


                    වි  ද ව මි න්    ජි වි ත     වි  දි  න්  නෙ  මි

Sunday, February 12, 2012

වි භා ග ය ...


ස්මරණය වන අතීතය

යටපත් කිරීමට දරන උඩු සිතෙහි

ප්‍රයත්නය

නිශ්පල වන


සෑම මොහොතකම

නෙතු මානයේ වන

පත පොතෙහි ඇත්තේ

බොද වූ අකුරු වල හැඩ පමණි.






එලබෙන තුන් පැයක මා කුමක් ලියම්ද?
.
.
.
ප්‍රීතිමත් විලෝ පෙළ

  මන්ද මේ වැළපෙන සෙයක්


ලපත් දග කළ තුරු වදුල යට

  සිහිල් සෙවනැලි වියැකිලා


සිහින් සියුමැලි කොබෝනීල පෙති

  විසුල තණ බිම වියැලිලා...


ගල් මුල් ක‍ටු පදුරු දොළ හැඩ කරන  මෙන් බාධක ගැටලු මා ජීවිතයත් හැඩ කරයි නම්,
 අනේ මා කොයිතරම් වාසනාවන්තයිද...